තවත්
    මුල් පිටුවCOVIDබස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන් බලන හැටි වෙනස් වෙයි

    බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන් බලන හැටි වෙනස් වෙයි

    අද (19) සිට බස්නාහිර පළාතට කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම කළමනාකරණයට SMS සහ දුරකථන ඇමතුම් හරහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

    මෙ⁣හිදී කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් පුද්ගලයින්ගේ පහත තොරතුරු 1904 යන දුරකථන අංකයට SMS පණිවුඩයක් යොමු කළ යුතුය.

    මෙම SMS පණිවුඩය යොමු කිරීමේදී රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණ තුනක් දක්වා ඇත.

    1. ස්වසන අපහසුතා ඇති රෝගීන් – A
    2. උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් – B
    3. කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් – C

    SMS පණිවුඩය යොමු කළ යුතු ආකාරය:

    • රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණය (A,B,C) {Space} වයස {Space} ජා.හැ.අ. {Space} ලිපිනය

    (උදා. A 71 507990532V නො.65, ගාලු පාර, අලුත්ගම)

    මෙසේ ලැ⁣බෙන තොරතුරු අදාළ වෛද්‍ය කණ්ඩායම් වෙත යොමු කර, දුරකථන අංක 247 මගින් සම්බන්ධ වී රෝග තත්ත්වය නිශ්චය කර ගැනීමටත්, ඒ අනුව ගිලන් රථ මඟින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හෝ නිවෙස් නිරෝධායනයට යොමු කර 1390 දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය සේවා ලබා දීමටත් කටයුතු කෙරෙනවා.

    නිවේදනය පහතින් දක්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img