COVID-19 එන්නත් පිළිබඳ වැරදි තොරතුරු ප්‍රචාරය කරන පිටු දුසිම් තුනකට අධික ප්‍රමාණයක් ඉවත් කළ බව ෆේස්බුක් සමාගම පවසයි.
ඒ අමෙරිකාවේ ධවල මන්දිරය විසින් තම සමාජ ජාල තුළ හුවමාරු වන වසංගත ආශ්‍රිත කරුණු පාලනය කිරීම දැඩි කරන ලෙස සමාජ මාධ්‍ය සමාගම්වලට දැනුම් දීමෙන් පසුව ය.
මීට දින කිහිපයකට පෙර ද ෆේස්බුක්, ට්විටර් සහ වට්සැප් විසින් එවැනි ගිණුම් සිය ගණනක් ඉවත් කර තිබුණි.
එන්නත් කිරීමේ වේගයට බලපාන බියජනක වැරදි තොරතුරු ව්‍යාප්ත කිරීම හේතුවෙන් යූ ටියුබ්, ට්විටර් සහ ගූගල් වැනි සමාගම් ජෝ බිඩෙන් පරිපාලනයෙන් දැඩි විවේචනයට ලක්ව ඇත.
ඩිජිටල් වෛරය වැළැක්වීමේ මධ්‍යස්ථානය හෙවත් CCDH හි මෑතකාලීන වාර්‍තාවකින් හෙළි වූයේ එන්නත් විරෝධී ගිණුම් 12 කින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් එන්නත් විරෝධී වැරදි තොරතුරු අන්තර්ජාලය හරහා ව්‍යාප්ත කරන බවයි.
මෙම වාර්තාව පිටුපස ඇති ක්‍රමවේදය පිළිබඳව ෆේස්බුක් විවාද කළ නමුත් බදාදා කියා සිටියේ තම ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් 12 දෙනාට සම්බන්ධ පිටු දුසිම් තුනකට අධික සංඛ්‍යාවක් සහ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉවත් කළ බවයි.