Home දේශීය පුවත් ලබන වසරේ පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදකයින්ගෙන්

ලබන වසරේ පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදකයින්ගෙන්

0
ලබන වසරේ පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදකයින්ගෙන්

ලබන වසර සදහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම සදහා දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් 05 දෙනෙකුගෙන් රෙදි මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල නිවේදනය මෙසේය.

2022 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම පිණිස දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් වෙතින් මිල ගණන් කැඳවා ඇත. නිෂ්පාදකයන් 05 දෙනෙකු විසින් මිල ගණන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මිල කේවල් කිරීමෙන් පසු එකඟ වූ මිල ගණන් යටතේ පාසල් නිල ඇඳුම් රෙදි අදාළ පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කර, කොටස් කර, ඇසුරුම් කර අධ්‍යාපන කොට්ඨාස කාර්යාල වෙත බෙදා හැරීම පිණිස වන කොන්ත්‍රාත්තුව පහත සඳහන් ආයතන වෙත පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

  • වෑන්ගාර්ඩ් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම
  • දංකොටුව වීවින් මිල්ස්(පුද්ගලික) සමාගම
  • ප්‍රභා ටෙක්ස් ඉන්ඩස්ට්‍රීස්
  • ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල්ස් (පුද්ගලික) සමාගම
  • ස්ටාර් ටෙක්ස් (පුද්ගලික) සමාගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here