තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 171ක් - අද ආසාදිතයන් 3500ක්

    ඊයේ කොවිඩ් මරණ 171ක් – අද ආසාදිතයන් 3500ක්

    මෙරට තුළ ඊයේ දිනයේ සිදුවූ කොවිඩ් මරණ 171ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    මෙම මරණ 171ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,434ක් දක්වා ඉහළගොස් ඇත.

    එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

    ඒ අතර කාන්තාවන් 69 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 102 දෙනෙකුද සිටි.

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 134 දෙනෙකු සිටිති.

    යස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් ‍දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

    අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 3,555කි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img