රට තුළ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිට නගර 32කට අධික සංඛ්‍යාවක් ස්වයං-හුදෙකලා වීමේ ක්‍රියාමාර්ගවලට යොමුවෙමින් සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවා කඩසාප්පු වසා දැමීමට පියවර ගෙන තිබේ.
හලාවත, අම්පාර, ත්‍රිකුණාමලය, කෑගල්ල, වෙන්නප්පුව, කැකිරාව, මොනරාගල, දිවුලපිටිය, දැරණියගල, ඔර්ගස්මාන්ගන්දිය, වාද්දුව, බන්දුරගොඩ, රිකිල්ලස්කඩ සහ අලව්ව, කොඩිකාමම් සහ හෙට සිට පාදුක්ක ප්‍රදේශයන්හි ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇත.
ස්වයං හුදෙකලා වීමේ ක්‍රියාමාර්ග අරඹන ලෙස සෞඛ්‍ය විශේෂඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටීම නිසා දින කිහිපයක සිටම ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යන ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු අත්හිටුවා තිබුණි.
සමහර ප්‍රදේශවල වෙළඳසැල් සතියකටත්, සමහර ප්‍රදේශවලට සති දෙකකටත්, අනෙක් ඒවාට නැවත දැනුම් දෙන තුරුත්, ඇතැම් නගරවල දින කිහිපයක් දක්වාත් මෙලෙස වසා දමා ඇත.