අංජනා මල්ලවාරච්චි
අනුරාධපුරය තාර්යන් කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භකර අතරමග නතර කර දමා තිබෙන සූර්ය බලාගාරයේ ඉදිකිරීම් මේ වසර අවසාන වීමට පෙර ඉදි කරන බව සුර්ය බල, සුළං, ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
mw1ක් ජාතික විදුලි විදුලිබල පද්ධතියට එක් කිරීමේ අරමුණින් 2017 මෙම බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළ අතර පසුව එය අතරමග නතර කර තිබිණ.
ආණ්ඩු කිහිපයක් යටතේ වසර දහයකටත් වඩා පමා වූ වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය සැලසුම් සකස් කරතැයි ද දුමින්ද දිසානායක මහතා කීය.