අංජනා මල්ලවාරච්චි
බෝ නොවන රෝග බහුලවීමට හේතුවක් වන්නේ අධික ලුණු පරිභෝජනය වන අතර ලංකාවේ ජනතාව අධික ලෙස ලුණු පරිභෝජනයට පුරුදු ව ඇතැයි සමීක්ෂණයකින් හෙළි වූ බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව එක් පුද්ගලයකු දිනකට පරිභෝජනය කළ යුත්තේ ලුණු ග්‍රෑම් 5ක තරම් ප්‍රමාණයක් වුවද ලංකාවේ පුද්ගලයකු දිනකට ලුණු 11.3ක තරම් ප්‍රමාණයක් පරිභෝජනය කරන බව එම සමීක්ෂණයේදී හෙළි වූ බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයසිංහ මහත්මිය පැවසුවාය.
අධික ලුණු භාවිතයෙන් හෘද රෝග, අංශභාගය , අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.
එදිනෙදා නිවසේ භාවිත කරන ආහාරවලට ලුණු මිශ්‍ර කිරීමේදී හිතාමතාම ලුණු ප්‍රමාණය අඩුවෙන් යෙදිමට කටයුතු කරන්නේ නම් එය ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක් යැයිද රේණුකා ජයතිස්ස මහත්මිය පැවැසුවාය.