තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නත ගත් වකුගඩු රෝගීන්ට බරපතළ සංකූලතා නෑ

    කොවිඩ් එන්නත ගත් වකුගඩු රෝගීන්ට බරපතළ සංකූලතා නෑ

    අංජනා මල්ලවාරච්චි

    වකුගඩු රෝගීන් අනිවාර්යෙන්ම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු යැයි කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පැවසීය.

    වකුගඩු ආසාදිතයින් රුධිර කාන්දුවලට ලක්වන්නන් හෝ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ භාවිතා කරන්නන් කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට අනිසි බියක් දැක්විය යුතු නැතැයි ද වෛද්‍ය මාරසිංහ මහතා කීය.

    කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් කිසිදු වකුගඩු රෝගියකුට බරපතළ සංකූලතාවලට ලක්ව නැතැයිද විශේෂඥ වෛද්‍යවරයා කීය.

    වකුගඩු රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ද අනිවාර්යයෙන්ම නිසි පරිදි සෞඛ්‍ය පුරුදු භාවිතා කිරීමෙන් පවුලේ සිටින වකුගඩු රෝගියාගේ ජීවිත බේරාගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

    වකුගඩු රෝගියකු යම් හෙයකින් කොරෝනා වෛරසයට ගොදුරු වුවහොත් ඉතාම ඉක්මනින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ ඔහු ප්‍රතිකාර ලබාගන්නා රෝහලේ වෛද්‍ය සායනය දැනුවත් කිරීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය මාරසිංහ මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img