Home COVID තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.

“මගේ බිරිඳ, දියණිය සහ මම කොවිඩ් -19 රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන හෙයින් අපි ඒ පිළිබද පරීක්‍ෂා කරගත්තෙමු. අද උදෑසන අපට ධනාත්මක බවට ප්‍රතිඵල ලැබුණි. එබැවින් මෑතකදී අප සමඟ සම්බන්ධ වූ අය ඒ පිළිබද පරීක්‍ෂා කර බලන ලෙසත් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසත් ඉල්ලා සිටින අතර එම පියවර අනුගමනය ගැන සියලු දෙනාම අපි අගය කරන්නෙමු.” යනුවෙන් හෙතෙම දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here