Home දේශීය පුවත් වන අලියාට වෙඩි තැබූ කළු අප්පු සොයා යාලේ කැළේ මෙහෙයුමක්

වන අලියාට වෙඩි තැබූ කළු අප්පු සොයා යාලේ කැළේ මෙහෙයුමක්

0
වන අලියාට වෙඩි තැබූ කළු අප්පු සොයා යාලේ කැළේ මෙහෙයුමක්
10907124 - 3d magnifying glass hovers over unique red man. concept of searching people or employee

යාල වනෝද්‍යානයේදී අලියෙක් ඝාතනයකර පණුදත් යුගලය ගලවා වලිගය කපා ඇත්තේ “කළු අප්පු” නැමැතිදඩයම්කරුවෙක් විසින් බවට තොරතුරු හෙළිවී ඇත.

එම දඩයක්කරු විසින් අලියාට වෙඩි තබා ඝාතනය කළ බව කියන ගිනි අවිය ලබාදුන් බවට හදුනාගත් “තරිදු” නැමැති අයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කරයි.

යාල කලාප අංක තුන ප්‍රදේශයේදී මෙම වන අලි ඝාතනය සිදුව තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමු හමුවේ සදහන්කර ඇත්තේ දඩයමේ යාමට බව සදහන් කරමින් කළු අප්පු තමාගෙන් ගිනි අවිය ඉල්ලාගෙන කැලෑ වැදුණු බවය. නැවත පැමිණ ගිනි අවිය ලබාදෙමින් අලියෙකුට වෙඩි තැබීමට සිදුවූ බව පැවැසූ බවද ඔහු කියා ඇත. ඌරෙක් පසු පස පැන්නීමේදී වන අලියාාට කොටුවූ බවත් අලියා පහරදීමට පැමිණි බැවැවින් වෙඩි තැබූ බවත් කළු අප්පු තමාට පැවැසූ බව ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත. අලියාගේ පණුදත් ගලවාගෙන නැට්ටු කපාගත් බවක් ඔහු එහිදී ඔහුට පවසා නැතැයි වනජීවී නිලධාරීන් සදහන් කරති.

මෙම වෙඩි තැබීම සිදුවන විට කළු අප්පු සමග මිනිස් ඝාතනයකට පොලීසියෙන් සොයන පුද්ගලයෙක්ද සිට ඇති බව අනාවරණය වී ඇත. එම පුද්ගලයා සමග කළු අප්පු නැමැත්තා මේ වන විට යාල කැලෑවේ සැගවී සිටින බැවින් පොලිසියත් විශේෂ කාර්ය බලකායේත් සහය ඇතිව වැටලීමක් දියත්කර තිබෙන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here