අංජනා මල්ලවාරච්චි
ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉතා භයානක තත්ත්වයකට පත්ව ඇතැයි ද රටේ ජනතාව තමන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සලසා ගත යුතු යැයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
ගෙවී ගිය සතියේ කොවිඩ් රෝගීන් 24000ක් හමු වූ අතර එය පෙර සතියට සාපේක්ෂව සියයට සියයට තිස් හතරක ඉහළ යාමක් බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි පද්මා ගුණරත්න මහත්මිය කීවාය.
තවද ඉකුත් සතිය තුළ කොවිඩ් මරණ 918ක් වාර්තා වූ අතර එය පෙර සතියට සාපේක්ෂව 60% ගුණයකින් ඉහළ යාමක් යැයිද පද්මා ගුණරත්න මහත්මිය කීවාය.
සෞඛ්‍ය අමාත්‍යාංශය දිනපතා ඉදිරිපත් කරන රෝගීන් ගණන මෙන් තුන් ගුණයක් රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බව ද වෛද්‍යවරිය කීවාය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේ දී රෝගීන්ට සාපේක්ෂව covid මරණ වාර්තා වූයේ 0.5%ක් ලෙස වුවද මේ වන විට මේ වන විට සියයට පහ දක්වා ඉහළ ගොස් ඇතැයි ද පද්මා ගුණරත්න මහත්මිය කීවාය.
ජනතාව ඒකරාශී වන ස්ථාන හෝටල්, අවන්හල්, අවමංගල්‍ය සහ විවාහ උත්සවය යනාදිය දැඩි අවදානම් මට්ටමකට පැමිණ ඇතැයිද වෛද්‍යවරිය කීවාය.
එමනිසා ජනතාව ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බවද පැවසූ බවත් මා ගුණරත්න මහත්මිය හැකිතරම් සංචාරණය සීමා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළාය.