අංජනා මල්ලවාරච්චි
කොරෝනා රෝග පිලිබඳ නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආරම්භ කර තිබේ.
මොබිටෙල් ඔස්සේ 247 අංකය ඇමතීමෙන් රෝගීන්ට කොවිඩ් පිළිබඳ උපදෙස් පතන්නන්ට නොමිලේම වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
දුරකථනය ඔස්සේ රෝගීන්ට තමන්ගේ ගැටලු හා දැනගත යුතු වෙනත් කරුණු පිළිබඳ වෛද්‍යවරයකු සමග සාකච්ඡා කිරීමටත් උපදෙස් ලබා ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙන බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.