තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් මරණ 167 යි - ආසාදිතයන් 3414 යි

    කොවිඩ් මරණ 167 යි – ආසාදිතයන් 3414 යි

    කොවිඩ් ආසාදිත මරණ 167 ක් ඊයේ දිනයේ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.

    ඒ අනුව දිනක වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වන්නේ එයයි. මෙම මරණ 167 සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 6263 දක්වා ඉහළ යනු ඇත.

    ඊයේ දින මිය ගිය ආසාදිතයන්ගෙන් 64 දෙනෙක් කාන්තාවන් වන අතර සෙසු මරණ 103 ම පිරිමි පුද්ගලයින්ය.

    එම මරණ 167 න් මරණ 130 ක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ය. 30 ට අඩු සිටින්නේ එක් පුද්ගලයෙක් පමණි.

    මේ අතර අද දිනයේ හදුනාගත් බව සදහන් කොවිඩ් ආසාදිතයන් ගණන 3414 ක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

    ඒ අනුව මෙතෙක් මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 355,482 කි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img