තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාබුල් අතැර පලායද්දී ගුවන් යානා ටයරයේ එල්ලී ගිය කිහිපදෙනකු අහසින් වැටේ

    කාබුල් අතැර පලායද්දී ගුවන් යානා ටයරයේ එල්ලී ගිය කිහිපදෙනකු අහසින් වැටේ

     

    තලේබාන් සංවිධනය මුළුමනින්ම බලය තහවුරු කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථා‍නයේ කාබුල් ගුවන් තොටුපලේ සිට රට හැර පලායන පිරිස් ගුවන් යානාවල ටයර්වල පවා එල්ලී ගුවන් ගත වීමෙන් පසු කිහිපදෙනකු අහසින් වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.

    ‍තලේබාන් සටන්කාමීන් කාබුල් බලය ලබාගැනීමත් කාබුල් ගුවන් තොටුපළ පාලනය කරගත නොහැකි තදබදයක් හටගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සිටින පිරිස් ඉන් පිටත්වීමට උත්සහ කිරීම නිසයි.

    තලේබාන් සංවිධානය සමඟ මිත්‍ර සබඳතා පැවැත්වීමට චීනය සූදානම් වෙයි. මේ අතර රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ තලේබාන් සංවිධානය මධ්‍යම ආසියාවට තර්ජනයක් නොවන බවය.

    මාධ්‍යවේදියෙකු විසින් ට්විටර් සහ වෙනත් සමාජ ජාල තුළ මෙ‍ම කම්පනයට පත්වන ආකාරයේ දසුන් මුදාහැර ඇත.

    මිඩ්ස් ඊස්ට් අයි මාධ්‍ය‍ ආයතනයේ තුර්කි කාර්යාංශයේ ප්‍රධානී රගීප් සොයිලු පහත වීඩියෝ මුදාහැර ඇත.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img