තවත්
    මුල් පිටුවදේශීය පුවත්නව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නිහා ල් තල්දූව පත්කෙරේ

    නව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නිහා ල් තල්දූව පත්කෙරේ

    නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කර තිබේ. ඉකුත් මාර්තු මාසයේදී ඒ මහතාව පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබුණි.

    උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා දිවයිනේ ප්‍රෙද්ශ රැසක සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.

    ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් , පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇති ඒමහතා ඇල්පිටිය හා යාපනය පොලිස් කොට්ඨාස භාර පොලිස්ද ප්‍රධානියා ලෙසද සේවය කර තිබේ.

    ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධියද, පශ්චාත් උපාධියද හිමිකරගෙන ඇති ඒ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img