තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුදුපිළිමවලට අත නොතබන බවට තලේබාන්ලා සහතික වෙයි

    බුදුපිළිමවලට අත නොතබන බවට තලේබාන්ලා සහතික වෙයි

    ඇෆ්ගනිස්ථානයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් තලේබාන් සටන්කාමීන් සිය බලය තහවුරු කරගැනීමෙන් පසු බෞද්ධ සිද්ධස්ථාන විනාශ නොකරන බවට ඩේලි මිරර් පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

    ඇෆ්ගනිස්ථානයේ බාමියන් හි පිහිටි ලොව උසම බුද්ධ ප්‍රතිමාව 2001 මාර්තු මාසයේදී විනාශ කරන ලද තලේබාන් ත්‍රස්ත සංවිධානය විසිනි.

    එසේවුවද තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බවට මෙලෙස සහතික වී ඇත්තේ තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් විසිනි.

    ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග එහි ප්‍රකාශක සුහයිල් ෂහීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ඉදිරි කාලය පිළිබද විවිධ ප්‍රකාශ ලබාදී තිබිණ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img