කාබුල් අගනුවරට ඇතුළු වූ තලේබාන් සටන්කාමීන් විසි වසරකට පසුව ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කිරීමේ අවසන් අදියරට පැමිණ තිබේ.
ඊයේ රාත්‍රිය වනවිට ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි ටජිකිස්ථානයට පැන ගිය බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇෆ්ගන් ආරක්ෂක අංශ මධ්‍යම කාබුල් පාලනය කරමින් සිටින බවට තොරතුරු පළ වුවද ඊයේ රාත්‍රීවනවිට ඔවුන්ට යටත්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබිණි.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ද වේගයෙන් වෙනස් වෙමින් තිබෙන බවට ඇමරිකාව අනතුරු අඟවා තිබේ.
සාමකාමීව බලය හුවමාරු කර ගැනීමේ සාකච්ඡාවක් පැවති බවත් ඇෆ්ගනිස්ථානයෙන් පළිගැනීමක් සිදු නොවන බවත් තලේබාන් ප්‍රකාශකයකු බී.බී.සී යට පවසා ඇත.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයකින් ඉස්ලාමීය කණ්ඩායම බලයෙන් පහ කර මේ වනවිටි වසර 20 කට ආසන්න වේ.
"වෙනත් රටක සිවිල් ගැටුමක් උදෙසා ඇමරිකානු පැමිණීමක්" සාධාරණීකරණය කළ නොහැකි බව පවසමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපද හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම සාධාරණීය කළේය. මෙම ප්‍රකාශය ද මේ වනවිට ආන්දෝලාත්මක වී තිබේ.
කෙසේ වෙතත් තලේබාන් සටන් කාමීන්ගේ පැමිණීම සංකේතවත් කරමින් කාබුල් අගනුවර බිත්ති පුරා පැවති කාන්තා රූප සහිත දැන්වීම් පවා මකා දමන ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වී ඇත.
ඒ අනුව අද දහවල්වනවිට අදාළ බල සංග්‍රාමයේ නවතම තතු වාර්තාවනු ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.