අංජනා මල්ලවාරච්චි
දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු යැයි කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ උදිත බුලුගහපිටිය මහතා පැවසීය.
මීට අමතරව දියවැඩියා රෝගීන් කොවිඩ් ආසාදනයට ලක් වුවද නියමිත පරිදි දියවැඩියා පාලන ඖෂධ ලබා ගත යුතු බව ද ඔහු කීය.
තවද දියවැඩියාව වැළඳීමේ දැඩි අවදානමක් සහිත රෝගීන්ට කොවිඩ් වැළදීමේ අවධානම ඉතා ඉහළ බැවින් ඔවුන් ප්‍රවේශම්කාරී විය යුතු බව ද විශේෂඥ වෛද්‍ය බුලුගහපිටිය මහතා කීය.
දැනටමත් ව්‍යායාමවල නිරත ව සිටින්න දියවැඩියා රෝගීන් නොකඩවා එම ව්‍යායාමවල නිරත වීම අවශ්‍ය බවද ඔහු කීය.
දියවැඩියා රෝගියකුට කොවිඩ් වෛරසය වැලඳී ඇත්නම් ඔහුට දියවැඩියා පාලන ඖෂධ ලබාගෙන ඇඳ විවේකය ගත යුතු අතර ඉතා හොඳ ආහාර වේලක් ලබා ලබා ගැනීම අවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය මහතා කීය.