Home COVID ඊයේ කොවිඩ් මරණ 161ක් – අද ආසාදිතයන් 3400ක්

ඊයේ කොවිඩ් මරණ 161ක් – අද ආසාදිතයන් 3400ක්

ඊයේ කොවිඩ් මරණ 161ක් – අද ආසාදිතයන් 3400ක්

මෙරට තුළ ඊයේ (14) දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ 161ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ගණන මෙතෙක් මෙරට තුළ දිනකදී වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

එම මරණ අතර කාන්තාවන් 78 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 83 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 122 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එම මරණ 161ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 3,435ක් අද වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here