Home උණුසුම් පුවත් විශ්වි විද්‍යාල ආචාර්යවරයකු ඇතුළු 15ක් දඩයම් කිරීමේ සූදානමක් ගැන චෝදනා

විශ්වි විද්‍යාල ආචාර්යවරයකු ඇතුළු 15ක් දඩයම් කිරීමේ සූදානමක් ගැන චෝදනා

විශ්වි විද්‍යාල ආචාර්යවරයකු ඇතුළු 15ක් දඩයම් කිරීමේ සූදානමක් ගැන චෝදනා

අංජනා මල්ලවාරච්චි

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා ඇතුළු ක්‍රියාදරයින් 15 දෙනෙකු දඩයම් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරමින් සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරයි.

කොළඹ දී ඉකුත් 3 වෙනි දින පැවති විරෝධතා පා ගමන හා රැස්වීමක් අතරේ පොදු දේපලවලට හානි කළ බවට චෝදනා කරමින් එම පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ දරන බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට පාලක කල්ලියේ පෞද්ගලික කුලීකරුවන් තත්ත්වයට පත්ව ඇතැයි ඔහු කීහ.

කොතලාවල පනත හා ගුරු විදුහල්පති අර්බුදය හමුවේ සිය සමාජයීය වගකීම ඉටුකරන ක්‍රියාදරයන් මර්දනය කරන ප්‍රයත්නයකට ආණ්ඩුව ප්‍රවේශ වී ඇතැයිද හෙතෙම ඇතැයි ද හෙතෙම පැවසීය.

වත්මන් පාලක රෙජිමයේ පෞද්ගලික අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වන පොලීසිය ශිෂ්ටාචාර ධාර්මික ආයතනයක් ලෙස නැවත පරිවර්තනය කර ගැනීමට සියලු දෙනා එකතු වෙන්න ජනතාවගෙන් ඉල්ලා සිටින බවට ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here