තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට ලොක්ඩවුන් කරන්න වෛද්‍ය නිර්දේශ තාම ලැබී නෑ

    රට ලොක්ඩවුන් කරන්න වෛද්‍ය නිර්දේශ තාම ලැබී නෑ

    කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කිරීමට මෙතෙක් වෛද්‍යවරුන් නිර්දේශකර නොමැති බවත් රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය කිරීමට රජය සූදානම් බවත් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

    රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බව බවද ඔහු පෙන්වා දෙයි.

    අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සදහන් කළේය.

    "වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. එතකොට අපිට නිල වශයෙන් දෙන උපදෙස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් ඇති හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ." යැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img