Home දේශීය පුවත් සිසුන් තිදෙනෙක් දියේ ගිලී මරුට

සිසුන් තිදෙනෙක් දියේ ගිලී මරුට

0
සිසුන් තිදෙනෙක් දියේ ගිලී මරුට

මෙනරාගල සිට බුත්තල කටුගහගල්ලගේ වැවේ දිය නෑමට පැමිණි සිසුන් තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇත.

යතුරු පැදි දෙකකින් ඊයේ මොනරාගල සිට පැමිණි එම සිසුන් තිදෙනා දියේ ගිලී ඇති බවත් අද පෙරවරුවේදී මළ සිරුරු සොයාගත් බවත් බුත්තල පොලීසිය සදහන් කරයි.

මේ අය උසස් පෙළ හදාරණ සිසුන් බවට තොරතුරු ඇති බවත් පවුලේ ඥාතීන් පැමිණිමෙන් පසු ඒ ගැන වැඩි තොරතුරක් සනාථකර ගැනීමට හැකිවනු ඇති බවත් බුත්තල පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිසුන් දිය නෑමට පෙර රැදී සිටි ස්ථානයේ යතුරු පැදි දෙක ඇති බවත් ඒ අසල බියර් කෑන් කිහිපයක්ද තිබෙන බවත් එම නිලධාරියා කීය. ඒ සම්බන්ධයෙන්ද යම් විමර්ශනයක් පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here