Home COVID ගම්පහ කොවිඩ් දත්ත තාමත් පරස්පරයි

ගම්පහ කොවිඩ් දත්ත තාමත් පරස්පරයි

0
ගම්පහ කොවිඩ් දත්ත තාමත් පරස්පරයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිත බවට හදුනා ගන්නා පුද්ගල සංඛ්‍යාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරන දත්තයන් අතර පරස්පරය තවමත් විසදී නැත.

ඊයේ දින මෙරටින් හදුනාගත්බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ දත්තයන්ට අනුව කොවිඩ් ආසාදිතයන් සිටින්නේ 3152 කි. ඒ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 247 ක් පමණි.

එහෙත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දත්තයන්ට අනුව ඊයේ ගම්පහින් හදුනාගෙන ඇති ආසාදිතයන් ගණන 1987 කි.

මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ක් ආශ්‍රිතවය.

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 223 ක්, මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 192 ක්, වත්තල සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් 185 දෙනෙකු බැගින්, මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 173 ක්, සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 166 ක්, අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 145 ක්, දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 142 ක්, ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්135 ක්, කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 109 ක්, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 100 ක්, රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 62 ක්, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 59 ක්, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 56 ක් සහ කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 55 දෙනෙකු වශයෙන් එම ආසාදිතයන් හදුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here