සුව සැරිය 1990 ගිලන් රථ සේවය දේශපාලනීයකරණය නොකට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කලින් පැවති ලෙසම පවත්වාගෙන යෑම වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය ඇගයීමට ලක්කර තිබේ.
අද වනවිට සුව සැරිය සේවාව සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඒ එම සේවාව දේශපාලනීයකරණය නොකිරීම නිසා බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර තිබේ.
සිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ආචාර්ය හර්ෂ ද සිල්වා තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
හරිදේ අගය කරන්න මා පැකිලෙන්නේ නෑ. ලබාදුන් ආදර්ශයට ස්තූතියි ජනාධිපතිතුමනි.
1990 සුවසැරිය ආරම්භ කරන විට මා විසින් යෝජනා කර එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ සුවසැරිය අධ්‍යක්ෂ මණ්ඩය මෙම සේවාව මෙවැනි ජය ටැඹක් කරා ඔසවා තබන්නට ඇප කැපවී කිසිදු වරප්‍රසාදයක් නොගෙන කටයුතු කළා. අපගේ රජය පරාජයට පත්වීමෙන් පසුව මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ මෙම වටිනා සේවය දේශපාලනීකරණය කර විනාශ නොකරන ලෙසයි. ඔහු එම ඉල්ලීමට සවන් දෙමින් මා යෝජනා කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ ධූර කාලය දීර්ඝ කළ අතර පසුගියදා යළිත් ඔවුන්ගේ ධූර කාලය අවසන් වුණා.
මා කළ යෝජනාව දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුවසැරිය පදනමේ සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක මහතාත්, අධ්‍යක්ෂවරුන් ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතාත්, සන්ධ්‍යා සල්ගාදු මහත්මියත්, විජය මලලසේකර මහතාත් යළි අවුරුදු 03 කට පත්කර තිබෙනවා. ඔවුන් පුද්ගලික අංශයේ ඉහළම තනතුරු දැරූ කිර්තීමත් වෘත්තීයවේදීන් වන අතර සුවසැරිය පදනමේ අනිකුත් අධ්‍යක්ෂ ධූර 03 සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් චම්පිකා පතිරණ මහත්මියත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාත් පොලිස්පතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතාත් පත්වී සිටිනවා.
2018 අංක 18 දරණ පනත මගින් 1990 සුවසැරිය අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ බලය ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට වන අතර ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම පත්කිරීමේ බලය හිමිවූ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වනවිට එම බලය ලැබී තිබෙනවා.
මෙම සේවාව අද යම් සාර්ථකත්වයක් ලබා ඇත්නම් මෙම සේවාව දේශපාලනීකරණය නොකිරීම හේතුවී තිබෙනවා. එවැනි ආදර්ශයක් ලබාදුන් ජනාධිපතිතුමාට මා ප්‍රණාමය පුදකරන අතර ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ පටු දේශපාලනයෙන් ඔබ්බට කටයුතු කිරීමෙන් පමණයි.
#HarshadeSilva #1990SuwaSeriya #Lka #1990SriLanka