Home උණුසුම් පුවත් හැදුණුම්පත් කාර්යාලයත් සඳුදා සිට වැසේ

හැදුණුම්පත් කාර්යාලයත් සඳුදා සිට වැසේ

0
හැදුණුම්පත් කාර්යාලයත් සඳුදා සිට වැසේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය ලබන 16 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු මහජන සේවා කටයුතු වෙනුවෙන් වසා දමා තිබේ.

එම කාර්යාලයේ සේවයේ නිරත නිලධාරීන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මහජනතාවට සේවා කටයුතු විවෘත නොවූවත් සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ දෛනික අභ්‍යන්තර සේවා කටයුතු සිදුවන බව සදහන්ය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ ජාතික හැදුණුම්පත් ලබා ගැනීමට දිනයන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට තැපැල් මගින් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන්ට හැදුණුම්පත් යොමුකරන බවය. එසේම මේ වන විට හැදුණුම්පත් ඉල්ලුම්කර ඇති අයට හැදුණුම්පත් සකස්කර ඒවාද තැපෑලට යොමු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here