අංජනා මල්ලවාරච්චි
covid රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ covid රෝගය ආසාදිත අයෙකු ළඟින් ඇසුරු කළේ නම් හෝ මාස තුනක් ඇතුළත විදේශ සංචාරයක නිරතව මෙරටට පැමිණ ඇත්නම් රුධිර පාරවිලන මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් වලකින ලෙස ජාතික රුධිර රුධිර පාරවියලනය මධ්‍යස්ථානය අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
covid රෝගීන් ළඟින් ඇසුරු කළ සහ විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් ලේ පරිත්‍යාග කිරීමෙන් වැළකිය යුතු බව එවැනි පුද්ගලයින්ගෙන් රුධිර ලබා නොගන්නා බව ද රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා කීය.
රුධිරය හෝ දුර්වල සංඝටක මගින් covid රෝගය වැළඳිය හැකි බවට මතයක් නොතිබුණද covid රෝගීන්ගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය බෝවීමේ හැකියාව පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා මෙම ඉල්ලීම කරන බවද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කීය.
ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානය රුධිරය ලබා ගැනීමේදී බෝවන රෝග පහක් පිළිබඳ පරීක්ෂණයක් කරනු ලබයි.
පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව covid-19 වළක්වා ගැනීම සඳහා කවර එන්නතක් ලබා ගෙන තිබුණද සතියක් ඉක්ම නොවූ පුද්ගලයකුගෙන් රුධිර ලබා නොගන්නා බවද එදිරිසිංහ මහතා කීය.