රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අමාත්‍යවරයා පවසන්නේ නිරෝධායනයෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී තමා ද ආසාදිතයකු බවට හදුනාගෙන ඇති බවයි.
“නිරෝධායනයෙන් පසු සිදුකල PCR පරීක්ෂණයෙන් මට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පසුගිය දින කිහිපය පුරා රාජකාරි කටයුතු වලදී සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියාකල බැවින් බොහෝ දෙනෙක් ආරක්ෂිත යැයි විශ්වාස කරමි. එසේ වුවත් සමීපතමයන් සියලු දෙනා PCR හෝ Antigen පරීක්ෂාවක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. සැවොම එක්ව ආරක්ෂා වී කෝවිඩ් වසංගතයෙන් අපි හැමෝම මිදෙමු.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටී.