Home දේශීය පුවත් කොවිඩ් අවධානමින් නගර පාළුවට

කොවිඩ් අවධානමින් නගර පාළුවට

0
කොවිඩ් අවධානමින් නගර පාළුවට

කොළඹ ඇතුළු තදාසන්න නගර අද දිනයේ පාළුවට ගොස් තිබුණි. දැඩි සංචරණ සීමා පනවාතිබුණු වකවානුවේත් දැඩි රථවාහන තදබදයක් පැවැති කොළඹ නගරය මෙන්ම ඒ අවට බොහෝ මාර්ග වලද අද එතරම් වාහන සංඛ්‍යාවක් ධාවනය වනු දක්නට නොවීය. වෙළද සැල් මෙන්ම කඩ සාප්පුද බොහෝමයක් වසා තිබෙන තතත්වයක් දක්නට ලැබුණු අතර ජනතාවද වෙනදා මෙන් මාර්ගවල නිකරුණේ සැරිසරණු දක්නට නොවීය.

මේ තත්ත්වයට මුල්වී ඇත්තේ කොවිඩ් ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ ජනතාවට එහි බැරෑරුම් කම අව‍බෝධවීම බව විශ්වාස කළ හැකිය.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු බලධාරියෙකුගේ මැදිහත් වීමක් හෝ උපදෙසක් නොමැතිව රටේ නගර රැසක්ම වෙළද සංගම් විසින් ගත් තීරණ මත වසා දැමීමක්ද මේ වන විට සිදුව ඇත. මාතලේ , සේරුනුවර සහ ඌව පරණගම ලුණුවත්ත යන නගර එසේ අද උදෑසන සිට වසා දැමුණු නගර අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here