ශරීරයේ අවයව බද්ධ කිරීමකට භාජනය වූවන් සහ ඒ හා සමාන ප්‍රතිශක්තිකරණයකින් තොර පුද්ගලයින්ට හැරුණු කොට සෙසු සියලුම දෙනාට කෝවිඩ් -19 මර්දන එන්නත් වන ෆයිසර්-බයෝටෙක් සහ මොඩර්නා යන එන්නතේ මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් බවට නිවේදනය කර තිබේ.
අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය විසින් මෙම එන්නත් දෙක හදිසි අවස්ථා භාවිතා කිරීමේ අවසරයට අදාළව නව සංශෝධනයන් එක්ක කර ඇති අතර එමගින් මෙම නව නිර්දේශය ඉදිරිපත් කර ඇත. ඒ අනුව සමහර ප්‍රතිශක්ති විරහිත පුද්ගලයින් සඳහා පමණක් ඔවුන් අතිරේක මාත්‍රාවක් භාවිතා කිරීමට නිර්දේශ කරයි.
අවයව බද්ධයක් සිදුකළ පුද්ගලයන් හා ඒ සමාන ප්‍රතිශක්තිකරණ අඩු මට්ටමක් ඇති රෝගීන් ආසාදන හා වෙනත් රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩු ය. ඔවුන් විශේෂයෙන් COVID-19 ඇතුළු ආසාදනයට ගොදුරු වන එමගින් පෙන්වා දී ඇත.
එබැවින් ඔවුන්ට මෙම එන්නත් දෙක භාවිත කරන්නේ නම් එහි තුන්වැනි මාත්‍රාවක් අනාගතයේදී ලබාදිය යුතු බවට මෙමගින් පැහැදිලි කර තිබේ.
ෆයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් -19 එන්නත දැනට වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා හදිසි භාවිතය සඳහා අවසර දී ඇත. මෝඩර්නා කෝවිඩ් -19 එන්නත වයස 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා හදිසි භාවිතය සඳහා අවසර දී ඇත.