Home උණුසුම් පුවත් වැටුප් ගැටලුවට පත්කළ ඇමති අනුකමිටුව ලබන සතියේ ගුරු සංගම් හමුවෙයි

වැටුප් ගැටලුවට පත්කළ ඇමති අනුකමිටුව ලබන සතියේ ගුරු සංගම් හමුවෙයි

වැටුප් ගැටලුවට පත්කළ ඇමති අනුකමිටුව ලබන සතියේ ගුරු සංගම් හමුවෙයි

අංජනා මල්ලවාරච්චි

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද පෙරවරුවේ කොළඹ දී සිය පළමු හමුව පැවැත්වී ය.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව ඇමතිවරුන් හතර දෙනෙකුගෙන් සමන්විතය.

ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත එම කමිටු අද ප්‍රථම වරට විමල් වීරවංශ විරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ දී හමු විය.

එහි දී එම කමිටුව තීරණය කර ඇත්තේ ගුරු හා විදුහල්පති වැටුප් ගැටලුව ඇතුළු මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගුරු වෘත්තිය සමිති සමග මුණගැසී සාකච්ඡා කිරීමට ය.

ඒ අනුව එළඹෙන සතියේ දී ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති වෙන වෙනම කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බව ද ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා පැවැසී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here