Home COVID ඩෙල්ටා නිසා කුඩා දරුවන්ට කොවිඩ් වැළඳීම වැඩිවෙලා

ඩෙල්ටා නිසා කුඩා දරුවන්ට කොවිඩ් වැළඳීම වැඩිවෙලා

ඩෙල්ටා නිසා කුඩා දරුවන්ට කොවිඩ් වැළඳීම වැඩිවෙලා

අංජනා මල්ලවාරච්චි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අද (12) වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වූ දරුවන් 152 ක් ප්‍රතිකාර ලබමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග ළමුන් රෝගීන් වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ යමින් තිබෙන බවද ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය ඇමතිවරයා කීය.

වයස අවුරුදු 2ත් 14ත් අතර රෝගී දරුවන් නිවස තුළම රදවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් මේ වන විට ආරම්භ කර ඇතැයි ද මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here