බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
වෛද්‍යවරු තිදෙනෙක්, හෙදියන් හය දෙනෙක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හත් දෙනෙක් ඒ අතර වෙතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය.