තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මට අයත් ගෑස් සමාගමක් නෑ" - අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ

    “මට අයත් ගෑස් සමාගමක් නෑ” – අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ

    සති කිහිපයක් තිස්සේ රට පුරා පවතින ගෑස් හිඟය නිර්මාණය වීමට හේතුව ගෑස් වෙළඳපොළ තමන් විසින් ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් ලෙසට ව්‍යාජ ලෙස කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    තමන්ට අයත් ගෑස් සමාගමක් නොමැති බව පෙන්වා දෙන යෝෂිත රාජපක්ෂ මහතා අදාළ පුවත් මවන්නන්ගේ අරමුණ වී ඇත්තේ මහජනතාව සහ ආණ්ඩුව අතර ඇති විශ්වාසය පළුදු කිරීම බව පෙන්වා දෙයි.

    “යෝෂිතගෙන් ගෑස් සමාගමක් – ගෑස් අර්බුධයේ ඇඟ හිරිවැටෙන කතාව මෙන්න” වැනි ආකර්ශනීය සිරස්තල යොදමින් ජනතාව නැවත වරක් රත්තරන් අශ්වයන් සිටිනවා යැයි කියමින් රැවටූ ආකාරයටම නැවත රැවටීමේ උත්සාහයක කිසියම් පිරිසක් නිරත වන බව යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ පා තිබෙන ඇතැම් අර්බුධයන් ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img