තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පාසල් ආරම්භ වන දින මෙන්න

    පාසල් ආරම්භ වන දින මෙන්න

    පියවර 4 කින් පාසල් නැවත ඇරඹේ.

    ජුනි 29 පාසල් ආරම්භය සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එදින පාසලට ළමුන් නොගෙන්වන බවයි අධ්‍යාපන අමත්‍යවරයා පැවසුවේ. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එදිනට පැමිණිය යුතු වනවා.

    ජූලි 06 වන සඳුදා දිනයේ දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ වනවා.

    එදින පාසල් ආරම්භ වන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 13 ශ්‍රේණිය සිසුන්ට පමණයි.

    ජූලි 17 දක්වා මෙම ශ්‍රේණි වල දරුවන්ට පාසැල් පැවැත්වෙනවා.

    ජූලි 20 වනදා 10 ශ්‍රේණිය සහ 12 ශ්‍රේණි වල සිසු දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ වනවා.

    ජුලි 27 වනදා 3,4,6,7,8,9 ශ්‍රේණි වෙනුවෙන් පාසල් ආරම්භ වනවා.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img