මෙරට තුළ කොවිඩ් මරණ 124ක් ඊයේ (10) සිදුවී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
ඒ අනුව මෙරට කොවිඩ් මරණ සමස්තය 5,464ක් දක්වා ඉහළ යයි.
දිනක් තුළ මෙරට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.
එමෙන්ම දිනක් තුළ කොවිඩ් මරණ 100 ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ තුන්වැනි දිනය අදයි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට වඩා අඩු ඒක පුද්ගලයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 95 දෙනෙකු අයත් වේ.
අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2,890 ක් වාර්තා වී තිබේ.