Home උණුසුම් පුවත් ඖෂධ සංස්ථාවේ කොවිඩ් නිවාඩුවට හැඳි දෙකකින් බෙදනවාලු

ඖෂධ සංස්ථාවේ කොවිඩ් නිවාඩුවට හැඳි දෙකකින් බෙදනවාලු

ඖෂධ සංස්ථාවේ කොවිඩ් නිවාඩුවට හැඳි දෙකකින් බෙදනවාලු

අංජනා මල්ලවාරච්චි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින්ට නිරෝධායන නිවාඩු ලබා දීමේදී ගැටලු සහගත ආකාරයට එහි පාලනාධිකාරිය කටයුතු කරන බවට සේවකයෝ චෝදනා කරති.

කොරෝනා ආසාදිත වන සේවකයින්ට පුද්ගලික නිවාඩු ලබා ගන්නා ලෙසත් ඔවුන්ගේ ආශ්‍රිතයින් වන සේවකයින්ට ආයතනය මගින් නිවාඩු ලබා දීමත් නිසා මෙම ගැටලු සහගත තත්ත්වය මතුවූ බව සේවකයෝ කියති.

කාර්යාල වාර්තා කර විවිධ රාජකාරිවල නිරතවීම නිසා කොරෝනා ආසාදනය වූ පසුව ආයතනයේ නිරෝධායන නිවාඩු ලබා නොදීම බලවත් අසාධාරණයක් බවද සේවකයෝ පවසති.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කොරෝනා ආසාදිත සේවකයින් 20දෙනෙකුට මේ වන විට ඔවුන්ගේ පෞද්ගලික නිවාඩු දමන්නැයි පාලනාධිකාරිය දැනුම් දී තිබෙන අතර ආශ්‍රිතයන් වූ සේවකයින් විශාල පිරිසකට ආයතනය මගින් නිරෝධායන නිවාඩු ලබා දී ඇතැයිද ඔවුහු සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here