
මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍ය මෙවරත් ජනතා සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය වී තිබේ.
පළමු කුඹුල් පෙරහර අගෝස්තු 13 වෙනිදා වීථි සංචාරය කෙරෙන අතර එය අගෝස්තු 17 වෙනිදා දක්වා පැවැත්වෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරයි.
රන්දෝලි පෙරහර අගෝස්තු 18 වෙනිදා සිට දින 05 ක් වීථි සංචාරය කර 22 වෙනිදා අවසාන රන්දෝල පෙරහර පැවැත්වෙනු ඇති බවද දියවඩන නිළමේ පවසයි.
අගෝස්තු 23 වෙනිදා සිව්මහා දේවාල කේන්ද්‍රකර ගනිමින් දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහර පවත්වා ගෙවදීමෙන් පසු මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතය. අනතුරුව එදින සවස පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බවට පෙරහර සංදේශය පෞරාණික චාරිත්‍රයක් සිහිගන්වමින් ජනාධිපති මැදුරෙදී ජනාධිපතිවරයාට පිළිගැන්වීමට නියමිතව ඇත.
ජෛව ආරක්ෂක බුබුළක් ලෙස පෙරහර මංගල්‍යයට සහභාගිවන ශිල්පීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කරන බවද සදහන්ය.