තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන මිල අහස උසට- ඩොලරුත් අරන් වාහනත් ගෙන්වන්න යෝජනාවක්

    වාහන මිල අහස උසට- ඩොලරුත් අරන් වාහනත් ගෙන්වන්න යෝජනාවක්

    වාහන ආනයනය හා අමතර කොටස් ආනයනය තහනම් කර ඇති මේ කාලය තුළ මෙරට වාහන මිල අසාමාන්‍ය ලෙස ඉහළ ‍ගොස් ඇතිි බැවින්, විදේශ විනිමය මෙරටට ලබාදෙන විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඒ රටවලදී මිලදී ගත් වාහන, ලංකාවට එවීමට හැකි ක්‍රමවේදයක් පිළිබද ජනාධිපතිවරයා වෙත යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.

    මෙම ක්‍රමවේදය මගින් මෙරට තුළ ඩොලර් පිටතට ගලා නොයන අතර තීරු බදු ගෙවීම ද සිදුවන්නේ ඔවුන් විසින්ම ඩොලර් මගින් බැවින් යම් විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ද ලැබෙනු ඇත.

    ඒ පිළිබද මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී ද පසුගියදා අදහස් දක්වා ඇත.

    මෙම තහනම පනවා ඇත්තේ මෙරට විදේශ සංචිත අර්බුදය හේතුවෙනි. රට විරුවන් යනු මෙරටට විදේශ විනිමය උපයයා දෙන ප්‍රධානතම සාධකයයි. එබැවින් ඔවුන්ගේ පවුල්වලට වාහනයක් එවීමට ඉඩ ලබාදීමට මෙමගින් යෝජනා කර තිබේ.

    එම යෝජනාව ඇතුළත් ලිපියේ මෙසේ ද දැක්වේ.

    “කොවිඩි-19 ව්‍යාප්තිය සමග අප රටට ආර්ථික වශයෙන්‌ යම්‌ පසුබෑමකට ලක්වීමට සිදුවී ඇත. එයට හේතුව ලෙස මේ වන විට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පසුබෑම, අනෙකුත්‌ අපනයන ක්ෂේත්‍ර වල සිදුව ඇති පසුබෑම්‌ සහ විදේශයන්‌ හි සේවය කරමින්‌ සිටින ශ්‍රමිකයන්‌ මෙරටට එවනු ලැබු විදේශ විනිමය ප්‍රමාණය අඩු වීම වැනි කරුණු පෙන්වා දිය හැකි අතර ඒ හේතුවෙන්‌ අප රට තුල මේ වන විට ඩොලර්‌ සංචිත වල හිගයක්‌ මතුව ඇත.

    මේ හේතුවෙන්‌ මේ වන විට රට තුල පවතින ඩොලර්‌ සංචිත රැක ගැනීම සඳහා අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කර ඇත. එහි එක්‌ පියවරක්‌ ලෙස මෝටර්‌ රථ සහ එම අමතර කොටස්‌ ආනයනය සීමා කර ඇත. එතුළින්‌ විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ ඉතුරු කර ගැනීමට අපට හැකිව ඇත. නමුත්‌ මේ ක්‍රියාවලිය “හේතුවෙන්‌ රට තුල අස්වාභාවික ලෙස රථවාහන වල මිල ඉහල ගොස්‌ ඇත. මෙතුලින්‌ වාහනයක්‌ මිළදී ගැනීමට බලාපොරොත්තු වන මෙරට ජනතාවද විශාල වශයෙන්‌ අපහසුතාවයට පත්ව ඇත.

    විදේශයන්‌ හි සේවය කරමින්‌ මෙරට ආර්ථිකයට විශාල ශක්තියක්‌ වෙමින්‌ මෙරටට විදේශ විනිමය එවනු ලැබු විදේශ ගත ශ්‍රමිකයන්‌ හෙවත්‌ “රට විරුචන්‌’ කලක පටන්‌ ඔවුන්‌ හට තමා සේවය කරන රටේ සිට මිලදී ගත්‌ මෝටර්‌ රථයක්‌ මෙරටට රැගෙන ඒමට අවස්ථාවක්‌ ලබා දෙන මෙන්‌ ඉල්ලීම්‌ කර ඇත. ඒ අනුව වසරක කාලයක්‌ සඳහා එම “රට විරුවන්‌ හට එසේ මිලදී ගන්නා මෝටර්‌ රථය මෙරටට එවීමටත්‌ එසේ එවන මෝටර්‌ රථ සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල එම විදේශයේ සිට උපයනු ලබන ඩොලර්‌ යොදා ගනිමින්‌ මෙරට රජයට ගෙවීමට අවස්ථාව ලබා දීම තුලින්‌ සහ එම මුදල්‌ රට තුළ වෙනම ගිණුමක එක්රැස්‌ කිරීම තුලින්‌ අතිරේක ඩොලර්‌ සංචිතයක්‌ ‘ගොඩ නගා ගැනීමට හැකි වන අතර එමගින්‌ පහත සඳහන්‌ ප්‍රතිලාභ අප හට ලබා ගත හැක.

    මෙම අවස්ථාව ලබා දීමේදී ‘රට විරුවන්‌’ මෙරටට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය, ඔවුන්‌ විදේශයන්හි සේවය කර ඇති කාල සීමාව වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර ඔවුනට යම්කිසි තීරුබදු සහනයක්‌ ලබා දිය හැකි නම්‌ එය. ඔවුන්‌ රට වෙනුවෙන්‌ සිදු කර ඇති සේවය පිළිබඳව සිදු කරන කෘතගුණ සැලකීමක්‌ බවද සිහිපත්‌ කරනු කැමැත්තෙමි.

    1.රට තුල පවතින වාහන වල මිල අස්වාභාවික ලෙස ඉහල යාම පාලනය කිරීමට හැකි වීම.

    1. විදේශගත ශ්‍රමිකයන්‌ විසින්‌ කලක පටන්‌ රථවාහනයක්‌ ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන මෙන්‌ සිදු කර තිබු ඉල්ලීම ඉටු කිරීමට හැකිවීම.

    2. එම වාහන ආනයනය කිරීම සඳහා මෙරට සිට විදේශ රටවලට මුදල්‌ ගෙවීමක්‌ සිදු නොකරන බැවින්‌ මෙරට පවතින විදේශ විනිමය සංචිත නැවත විදේශ රට වලට ගලා යෑමක්‌ සිදු නොවීම.

    3. විදේශයන්හීදි මෙරට මිලට වඩා අඩු මිලකට ම්ලදී ගන්නා නවින රථවාහන සඳහා මෙරටට බදු මුදල්‌ ගෙවීම විදේශයන්‌ හී සිට ඩොලර්‌ මගින්‌ සිදුකිරීමට හැකි වීම තුළින්‌ මෙරට ඩොලර්‌ සංචිතයට අමතර ඩොලර්‌ ප්‍රමාණයක්‌ එක්‌ කර ගැනීමට හැකි වීම.

    5.මෙය සීමිත කාලයකට පමනක්‌ හිමිවන අවස්ථාවක්‌ බැවින්‌ විදේශගත ශ්‍රමිකයින්‌ කඩිනමින්‌ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන්‌ මෙරට පවතින ඩොලර්‌ හිගය සඳහා යම්‌ සාධනීය විසදුමක්‌ කඩිනමින්‌ ලබා ගැනීමට හැකි වීම.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img