Home COVID මෙරට ලක්ෂ 32ක් පූර්ණ එන්නත්කරණයට

මෙරට ලක්ෂ 32ක් පූර්ණ එන්නත්කරණයට

මෙරට ලක්ෂ 32ක් පූර්ණ එන්නත්කරණයට

අංජනා මල්ලවආරච්චි

කොරෝනා මර්දන එන්නත් වැඩසටහන යටතේ මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංඛ්‍යාව ඊයේ(09) වන විට ලක්ෂ 32ක් ඉක්මවා ගොස් තිබිණ.

කොවිෂීල්ඩ් එන්නත 825364ක් ද සයිනෝෆාම් එන්නත 2369042ක් ද ස්පුට්නික් එන්නත 14516ක් ද ෆයිසර්‌ 748ක් ද ආදී වශයෙන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබෙන බවද කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේ දී පමණක් මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයකට එන්නත් ලබාදී තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here