තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු වැටුප් ප්‍රශ්නයට වෘත්තීය සමිති 100ක් සත්‍යග්‍රහයකට සැරසෙයි

    ගුරු වැටුප් ප්‍රශ්නයට වෘත්තීය සමිති 100ක් සත්‍යග්‍රහයකට සැරසෙයි

    අංජනා මල්ලවආරච්චි

    ගුරුවරුන්ගේ සහ විදුහල්පති වරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලකරමින් ලබන බ්‍රහස්පතින්දා (12) පෙරවරු 10ට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

    රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 100 ක සහභාගිත්වයෙන් එම සත්‍යග්‍රහය පවත්වන බව ද ඔහු කීය.

    එම සත්‍යග්‍රහයට එක් වෘත්තිය සමිතියකින් එහි නායකයා පමණක් සහභාගී වීමටත් වෘත්තීය සමිති සියය නියෝජනය කරමින් සිය දෙනකු සත්‍යග්‍රහයට සහභාගී වන බව ද ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

    ගුරු, තැපැල්, දුම්රිය, වරාය, ඇඟලුම්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති සියයක් එම සත්‍යග්‍රහයට සහභාගි වන බව ද ස්ටාලින් මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img