තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් ආසාදිතව වෛද්‍යවරයෙක් මිය යයි

    කොවිඩ් ආසාදිතව වෛද්‍යවරයෙක් මිය යයි

    ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ආර්. පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත.

    පේරාදෙණිය රෝහළේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්මශාන්ත මහතා ඊයේ (09) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

    ගලිගමුව අඹන්පිටියේ පදිංචිව සිටි පනස් හතර වියේ පසුවූ දෙදරු පියෙක් වන පද්මශාන්ත මහතාගේ බිරිඳ කෑගල්ල රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරියකි.

    සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ඒ මහතාගේ අවසන් කටයුතු අද (10) මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සිදුකෙරිණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img