Home COVID දෙහිවල පාසලක් කොවිඩ් මධ්‍යස්ථානයක් වෙයි

දෙහිවල පාසලක් කොවිඩ් මධ්‍යස්ථානයක් වෙයි

දෙහිවල පාසලක් කොවිඩ් මධ්‍යස්ථානයක් වෙයි
A medical worker takes notes near a patient at the intensive care unit (ICU) of the Emergencias de Villa El Salvador hospital, during the outbreak of the coronavirus disease (COVID-19), in Lima, Peru, December 22, 2020. REUTERS/Angela Ponce NO RESALES. NO ARCHIVES REFILE - CORRECTING INFORMATION

අංජනා මල්ලවආරච්චි

දෙහිවල කරගම්පිටිය සුමග විද්‍යාලය කොවිඩ් ආයුර්වේද මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කළ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ආයුර්වේද රෝහල සම්බන්ධ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කීය.

බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන හෙයින් එම සුමග විද්‍යාලය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කළ බව සිසිර ජයකොඩි මහතා කීය.

එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරන රෝගීන්ට දේශීය වෙදකමෙන් ප්‍රතිකාර ලබා දෙන අතර අත්‍යාවශ්‍ය අවස්ථාවල දී බටහිර වෛද්‍යවරයකුගේ අධීක්ෂණයට රෝගීන් යොමු කරන බවද සිසිර ජයකොඩි මහතා කීය.

සුමග විද්‍යාලය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව ද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here