අංජනා මල්ලවආරච්චි
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ලබා දීමට කටයුතු යොදා තිබේ.
විභාග සහතික පත්‍ර මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකි අතර එම සහතික අයදුම් අයදුම්කරුවන්ගෙ ලිපිනයට අධිවේගී තැපෑල මගින් යවන බවට විභාග කොමසාරිස් ජෙනරාල් පී. සනත් පූජිත මහතා පැවසීය.
විදේශවල සිට විභාග සහතික පත්‍ර අයදුම්කරුවන්ගේ සහතික පත්‍ර විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අධිවේගී තැපෑල මඟින් යවන බව ද ඒ මහතා කීය.
විභාග සහතික අයදුම් කිරීමේ ක්‍රමවේදය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන බවද ඔහු කීය.
2001 වසරට පෙර වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර සහ උසස් පෙළ විභාගවල සහතික පත්‍ර පිළිබඳව දුරකථන අංක 0112788137 ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.