Home උණුසුම් පුවත් මහාචාර්ය මලික් පීරිස්ගේ බව කියන බොරු හඬපටය ගැන විමර්ශනයක්

මහාචාර්ය මලික් පීරිස්ගේ බව කියන බොරු හඬපටය ගැන විමර්ශනයක්

මහාචාර්ය මලික් පීරිස්ගේ බව කියන බොරු හඬපටය ගැන විමර්ශනයක්

වෛරසවේදය පිළිබඳ ජාත්‍යන්තරව කීර්තිමත් මහචාර්යවරයකු වන, හොංකොංහි වෙසෙන මලික් පීරිස් මහතා විසින් ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ පවසන්නේ යැයි හැඟවෙන ආකාරයෙන් නිකුත් කරන ලද ව්‍යාජ හඬපටය පිළිබඳ පොලිසීය විසින් විමර්ශනයක් අරඹා තිිබේ.

ඒ මහචාර්යවරයාගේ ඉල්ලීමකට අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ දිනවල සමාජ ජාලා තුළ සැරිසරන එම හඬපටය ව්‍යාජව සැකසුවක් බවට මහාචාර්යවරයා සනාථ කර ඇත.

මෙරට සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් මර්දනයට ගෙන ඇති පිියවර පිළිබඳ පිළිබඳ පැවසෙන අයුරින් එම හඬපටය සකස් කර තිබේ.

මෙම ව්‍යාජ හඬපටය නිකුත් කළ පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව ‍අජිත් රෝහණ මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here