Home දේශීය පුවත් රාගම ගොඩගැසුණු කොවිඩ් සිරුරු තැන් 32 කදී ආදාහනය කරයි

රාගම ගොඩගැසුණු කොවිඩ් සිරුරු තැන් 32 කදී ආදාහනය කරයි

0
රාගම ගොඩගැසුණු කොවිඩ් සිරුරු තැන් 32 කදී ආදාහනය කරයි

රාගම රෝහලේ ගොඩගැසුණු කොවිඩ් මළ සිරුරුවලින් 47 ක් ගෙවී ගිය දින දෙක තුළ ගම්පහ පිහිටි ආදාහනාගාර 32 කදී ආදාහනයකර තිබේ.

සෞඛ්‍ය අංශ, පොලිසිය , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ගම්පහ දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය එක්ව සැලසුම් සහගතව කල වැඩ පිළිවෙලකට අනුව මේ අකාරයට ගොඩගැසී තිබුණු මළ සිරුරු ආදාහනය කිරීමට හැකියාව ලැබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

ආදාහනාගාර දාරිතාව පිළිබදව ඇතිවුණු ගැටළුවක් මත කොවිඩ් මළ සිරුරු රාගම රෝහලේ ගොඩගැසුණු බව එම නිලධාරියා කීය. එම අවස්ථාවේදී ගම්පහ දේශපාලන අධිකාරිය විසින් ගම්පහ පිහිටි ආදාහනාගාර 32 ක් සම්බන්ධීකරණය කරමින් එම මළ සිරුරු ආහාහනය කිරීමට ඉඩ පහසුකම් ලබාදීමට පියවර ගත් බව ද එම නිලධාරියා පැවැසීය.

ඒ අනුව ගොඩගැසුණු මළ සිරුරුවලින් අද වන විට ආහාහනය කිරීමට ඉතිරිව ඇත්තේ සිරුරු 12 ක් පමණක් බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here