
රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අදාළව අද (09) දිනයේ සිට අමතරව බස්රථ ධාවනයට එක්කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ ප්‍රමාණවත් තරම් බස්රථ නොමැති බව පවසමින් කිසිදු බස් රථයක ආසාන ධාරිතාව ඉක්මවා මගීන් ගෙනයා නොහැකි බව ය.
ඒ අනුව අද (09) සිට ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරේ.
ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පවසන්නේ එම නිසා සේවක සේවිකාවන් ද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව ය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ඒ මහතා,
“අපේ බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරලා තියෙනවා. රාජ්‍ය ආයතනවල සේවකයින් සියයට 50ක් පමණ අඩු කරන්න රජය කටයුතු කරලා තියෙන්නේ බස්රථවල හා සේවා ස්ථානවල ඇතිවෙන තදබදය තුළින් මෙම කොවිඩ් වෛරසය පැතිරීම අවම කිරීමට. කිසියම් ආකාරයකට මහජනතාව මාර්ගවලට අවතීර්ණ වෙනවා නම් ඒ අයට සෞඛ්‍ය පුරුදු නිසිපරිදි පවත්වා ගෙන යෑමට සහ සමාජ දුරස්ථභාවය නිසිපිරිදි පවත්වාගෙන යෑමට හැකිවන පරිදි බස්රථ අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර ධාවනය යොදවන ලෙස අපිට සෞඛ්‍ය අංශ අපට උපදෙස් ලබාදෙනවා.”