Home COVID කළුබෝවිල රෝහල් වත්තේ, කොරිඩෝවේ සිටි අයට ඇඳන් ලැබෙයි

කළුබෝවිල රෝහල් වත්තේ, කොරිඩෝවේ සිටි අයට ඇඳන් ලැබෙයි

කළුබෝවිල රෝහල් වත්තේ, කොරිඩෝවේ සිටි අයට ඇඳන් ලැබෙයි

කළුබෝවිල රෝහලේ නේවාසික රෝගීන් ධාරිතාව ඉක්මවා ගොස් උද්‍යානයේ පවා සිටි රෝගීන්ට දින දෙකක් තුළ වාට්ටු ලබාදී ඇඳන් ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

එමෙන්ම එහි මෘතශරීරාගාරයේ එළියේ පවා තිබූ මළසිරුරු ද නිසිලෙස කළමනාකරණ කිරීමට කටයුතු කළ බව හෙතෙම කිය.

එහි ගිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මේ බව කීය.

“කළුබෝවිල රෝහලේ තත්වය සොයා බැලීමට අද සවස එහි ගියෙමි. මීට දින දෙකකට පෙර රෝහල COVID- 19 රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් කොරිඩෝවල සහ මිදුලේද රෝගීන් සිටින බව බොහෝ පුවත් පළ විය; මෘත ශරීරාගාරය පිරී ඉතිරී යන බවට වාර්තා විය. කෙසේ වෙතත් දින දෙකක් ඇතුලත නව වාට්ටු 2ක් අරඹා සියලු රෝගීන්ට ඇඳන් ලබා දී තත්වය කළමනාකරණය කිරීමට අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සමත්ව ඇත.

මෘත ශරීරාගාරයේ තිබූ දේහ ආදාහනය කිරීමට පියවර ගෙන ඇත. ශීතාගාර 37න් 20 ක්ම පිරී ඇත්තේ කලක් තිස්සේ COVID නොවන හේතු නිසා මිය ගොස් ඥාතීන් හඳුනා නොගත් දේහවලිනි. DNA පරීක්ෂාව සඳහා අවශ්‍ය සාම්පල ලබා ගෙන එම දේහ ද ආදාහනය/ භූමදානය කිරීමට නීතිපති උපදෙස් පතා ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පැවසීය. දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස්, අප රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, රෝහල් අධ්‍යක්ෂකතුමිය ද මේ අවස්ථාවට සහභාගී වූහ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here