Home උණුසුම් පුවත් ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳන්න විශේෂ ක්‍රමවේදයකට රජය සැරසෙයි

ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳන්න විශේෂ ක්‍රමවේදයකට රජය සැරසෙයි

ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳන්න විශේෂ ක්‍රමවේදයකට රජය සැරසෙයි

අංජනා මල්ලවාරච්චි

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විශේෂ ක්‍රමවේදයක් තීරණය කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා හෙට කැබිනට් මණ්ඩලයේ දී විශේෂ අවධානයක් යොමුකරන බවද එම ආරංචි මාර්ග කියයි.

මීට ඉහත කැබිනට් මණ්ඩල රැස්වීම් දෙකකදි ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ සාකච්ඡා කළ ද තීරණයක් ගෙන නොතිබූ අතර අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ නව කැබිනට් පත්‍රිකාවක් හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here