Home දේශීය පුවත් ඔලිම්පික් උළෙල අවසන් – ඇමරිකාව පෙරමුණේ චීනය දෙවැනි තැනට

ඔලිම්පික් උළෙල අවසන් – ඇමරිකාව පෙරමුණේ චීනය දෙවැනි තැනට

0
ඔලිම්පික් උළෙල අවසන් – ඇමරිකාව පෙරමුණේ චීනය දෙවැනි තැනට

2020 ටෝකියෝ ඔලිම්පික් උළලේ අවසානය අද සනිටුහන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට අමෙරිකාව සමත් වී තිබේ.

මෙතෙක් පෙරමුණේ සිටි චීනය අද දින ඇමරිකාව විසින් පසුකරනු ලැබුවේ රන් පදක්කම් සටහනේ චීනයට වඩා රන් පදක්කමක් ඉහළට ලබා ගනිමිණි.

පදක්කම් සටහනට අනුව ඇමරිකාව රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟින් සමස්ත පදක්කම් 113ක් හිමිකර ගෙන ඇත. චීනය රන් පදක්කම් 38ක්, රිදී 32ක් සහ ලෝකඩ 18ක් ලෙස පදක්කම් 88ක් හිමිකර ගෙන තිබේ.

සත්කාරක ජපානය මෙවර ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 27ක් සමඟින් සමස්ත පදක්කම් 58ක් ලබාගනිමින් තෙවන ස්ථානය හිමිකරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here