තවත්
    මුල් පිටුවCOVIDගම්පහ අක්‍රිය ආදාහනාගාර වහාම සක්‍රිය කරන්න උපදෙස්

    ගම්පහ අක්‍රිය ආදාහනාගාර වහාම සක්‍රිය කරන්න උපදෙස්

    ගම්පහ දිස්ත්‍රික්කයේ ගොඩගැසෙන කොවිඩ් මළසිරුරු ආදාහනය සඳහා දැනට අක්‍රිය මට්ටමේ පවතින ආදාහනාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

    ගම්පහ රෝහල් තුළ රෝහල් තුළ කොවිඩ්‍ මෘතදේහ ගොඩ ගැසෙන බවට පසුගිය දින කිහිපයක් තිස්සේ වාර්තා පළවිය.

    ඒ අනුව දැනට පළාත් පාලන ආයතන සතු සියලු ආදාහනාගාර මෙම කොවිඩ් මළසිරුරු ආදාහන කටයුතුවලට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ද අමාතවරයා පවසා ඇත.

    විදෙස් සංචාරක නිරතව සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍යය බලධාරීන්ට උපදෙස් දෙමින් මෙසේ කීය.

    ඇතැම් රටවල් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 න් ඉහළ සියලු දෙනා එන්නත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

    එම තත්ත්වය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සීග්‍ර වෛරස ව්‍යාප්තිය කෙරෙහි සැලකිලිමත් වෙමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ලක්ෂ 5ක් හා වයස අවුරුදු 18ටත් 30ත් අතර පුද්ගලයින් ලක්ෂ 3ක් පමණ ප්‍රමාණයක් තවමත් එන්නත ලබා ගෙන නොමැත. එසේම එන්නත්කරනය කළ යුතු අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් ප්‍රමාණය ලක්ෂ තුනක් පමණ වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දත්ත අනාවරණය කරයි.

    සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් වාර්තාවන දිස්ත්‍රික්කයේ රෝහල් වල අවශ්‍යතාවය අනුව කොවිඩ් වාට්ටු ප්‍රමාණය වැඩි කරන ලෙස පළාත් සෞඛ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය.

    අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරුණු වැරැල්ලවත්ත අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තවමත් විවෘත නොකෙරෙනු ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකෙහි වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලා එම ප්‍රතිකාර මධ්‍යස්ථාන හැකි ඉක්මනින් ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඇඳන් 1000 කඩිනමින් ලබාදෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා මෙම ලෝක වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් බව ජනතාව වටහා ගත යුතු බව අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img